වදවී යාමේ තර්ජනයට ලක්ව තිබෙන වනසතුන් හා පැලෑටිවල ජාත්යන්තර වෙළදාම පිළිබද සම්මුතියේ (CITES) 18 වැනි සමුළුව 2019 මැයි 23 වැනිදා කොළඹදී පැවැත්වෙයි.
වනජීවී ජාවාරමට එරෙහිවීම හා වඳවීමේ තර්ජනයට ලක් වූ ශාක විශේෂ ආරක්ෂාකර ගැනීම පිළිබදව ඉදිරි පියවර සාකච්ඡා කිරීම සදහා පැවැත්වෙන මෙම සමුළුවට එක්වන විදෙස් නියෝජිතයන් සංඛ්යාව 3000කි. ඔවුන් රටවල් 183කට අයත්ය.
මෙයට වසර තුනකට පෙර පැවැති සයිටීස් සමුළුවට අදාලව බොහෝ ව්යාපෘති ඉටුකර තිබෙන මෙම නියෝජිතයන් සමුළුවට අදාලව ඉදිරිපත් කර ඇති යෝජනා ගණන 57කි.
මේ අතුරින් ශ්රි ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ගණන 9 කි. එය සමස්ත යෝජනා සංඛ්යාවෙන් සියයට 16කි. තනි රටක් ලෙස COP18 සඳහා වැඩිම යෝජනා සංඛ්යාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්රි ලංකාවයි. අදාල යෝජනා අනුව ලංකාව දෙවැනි වන්නේ යුරෝපා සංගමයට පමණි.
මෙවර සමුළුවට ඉදිරිපත්වී තිබෙන යෝජනා අතුරින් යෝජනා හතරක් ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රි ලංකාවට ආවේනික උරග විශේෂවලට අදාලවය. 1993 සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මෙරට උරගයන් අපනයනය කිරීම නීතියෙන් තහනම්ය.
කෙසේ වෙතත්, මෑතක සිට මෙම උරග විශේෂ වෙළඳාම, වෙන්දේසිය සහ ඊට අදාල දැන්වීම් ගණන වැඩි වී තිබේ. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ යුරෝපයේ සුරතල් සත්ත්ව වෙළදාමයි. ජර්මනිය, ප්‍රංශය , එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය හෝ රුසියාව වැනි රටවල් මෙන්ම සත්ත්ව අභිජනනයන්ට ඉහළ මිලක් ගෙවන ඇමෙරිකානු වෙළදපොල ඔවුන්ගේ ඉලක්කයයි.
මෙම වළෙදාමෙන් ලැබෙන ඉහළ ලාභය ජවාරම්කරුවන් දිරිගන්වන සුළුය. අනක් අතට එය අදාල සත්ත්ව විශේෂයට සිදුවන තර්ජනයකි. ශ්‍රි ලංකාව දිරිපත් කළ යෝජනාවේ මේ අකාරයට ජාත්‍යන්තර වෙළදාමට අසුවී තර්ජනයට මුහුණ පා සිටින කටුසු විශේෂ 10ක් ඇතුළත්ය. රතු දත්ත ලැයිස්තුවට IUCN ඇතුළත් එම කටුස්සන් සුළු සංඛ්‍යවක් පමණක් ඉතා සීමිත ප්‍රදේශයක ජීවත්වන බව අදාල තොරතුරුවල දැක්වේ.
ඉන්දියාවේ සහ ශ්‍රි ලංකාවේ ඒක්ව ඉදිරිපත් කෙරන තවත් යෝජනාවක් කියැවෙන්නේ ඉන්දියානු තාරකා ඉබ්බා (Geochelone elegans) පිළිබදවය. මෙම තාරකා ඉබ්බන් ශ්‍රි ලංකාවේ මෙන්ම ඉන්දියාව මෙන්ම පකිස්ථානයේ දක්නට ලැබෙයි. ආවේනික උරග විශේෂ මෙන් 1993 දි FFPO මගින් ඔවුන්ද ආරක්ෂා කර තිබේ. ඒසේ වුවද නීති විරෝධි ජාවාරමේ තවත් ඒක් ජාවාරමක් වී ඇත්තේ තාරකා ඉබ්බන්ගේ වෙළදාමයි.
ලෝකයේ ජෛව විවිධත්වය අනුව නැවුම් ජලය ආශ්‍රිතව ජීවත්වන ඉබ්බන්ගෙන් සියයට 11ක් මෙමවර්ගයට අයත්ය. 2015 සහ 2017 කාල පරාසය තුළ ශ්‍රි ලංකාවේ එවැනි ජෛව විවිධාත්මක වටිනාකමින් යුතු ආවේනික ඉබ්බන් 3130ක් අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.
IUCN රතු දත්ත ලැයිස්තු වාර්තා අනුව ඉතා සීමිත සංඛයාවක් ජීවත්වන මෙම ඉබ්බන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. මෙම ජවාරම තවත් දිගු වුවහොත් එය ක්ෂණික වදවීයාමේ තත්ත්වයක් දක්වා උත්සන්නවීම වැළැක්විය නොහැකිය.
කලින් සදහන් කර පරිදි ශ්‍රි ලංකාව ඉදිරිපත් කර තිබෙන යෝජනා පහක් උරග විශේෂවලට අදාලව වන අතර තවත් යෝජනා තුනක් මත්ස්‍යන්ට අදාලව ඉදිරිපත් කර තිබේ.සාගර පරිසර පද්ධති සදහා සීමා මායිම් නොමැති බැවින් මෙම යෝජනා සියල්ල අනෙකුත් රටවල්වලටත් අයත්ය.
මේ වනවිටත් ජාත්‍යන්තර රතු දත්ත ලැයිස්තුවට අන්තර්ගතවී තිබෙන ගිටාර්ෆිෂ් (guitarfish)විශේෂ දෙකක්, මාකො මෝරුන් (Mako shark) විශේෂ දෙකක් සහ සුදු පැල්ලම් සහිත වෙජ්පිෂ් (wedgefish) වර්ග දෙකක් ඊට ඇතුළත්ය.
මෙම ලැයිස්තුව උරග විශේෂයන්ට වඩා වෙනස්වුවකි. ශ්‍රි ලංකාව සහ අනෙකුත් රටවල්ට වලට මත්ස්‍ය වෙළදාම මුළුමනින්ම නතර කර දැමීමේ හැකියාවක් නැත. ඒසේ වුවද වැඩිවශයෙන් මෙම ආවේනික මත්ස්‍ය විශේෂ ඇල්ලීම හා වෙළදාම නැවැත්වීම මෙන්ම නීතිවිරෝධි ආම්පන්න යොදා කෙරන තිරසාර නොවන මසුන් ඇල්ලීමේ ක්‍රම වළක්වාලීම ඔස්සේ ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
එ අනුව මෙම මත්ස්‍යය විශේෂ වෙළදාම සම්පුර්ණයෙන්ම තහනම් කෙරෙන උප ලේඛන 1ට ඇතුළත් කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් නොවේ. නමුත් දෙවැනි උපලේඛනයට ඇතුළත් කරමින් මෙම මත්ස්‍යයන්ගේ වෙළදාම නියාමනය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. සාගර පාරසරික පද්ධතිය ආරක්ෂාවනපරිදි ජීවනෝපාය සදහා මසුන් ඇල්ලීමට ධීවරයන්ට ඇති ඉඩ කඩ එමගින් සලසා ඇත.
ජෛව විවිධත්ව වටිනාකමින් යුතු ආවේනික උරග වර්ග වෙනුවෙන් යෝජනා පහක්, මත්ස්‍යයන් වෙනුවෙන් යෝජනා තුනක් සහ අනෙක් යෝජනාව විවිධ වර්ගයේ සතුන් නියෝජනයවන පරිදි ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. අවේනික විශේෂ 15ක් අතුරින් ඒහි ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රි පලංකාවට පමණක් ආවේනික වු මකුළු විශේෂයකටය.
Poecilotheria විශේෂය ශාකවල ජීවත්වේ. ශාක අහිමිවීමෙන් ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී විශාල තර්ජනයකි. මෙම සතුන් සුරතල් සතුන් මෙන් පොදු වන අතර, කටුස්සන් වැනි බොහෝ විට යුරෝපයේ, රුසියාවට හෝ එක්සත් ජනපදයේද, ඉහළ මිලකට අලෙවි කිරීමට හැකි වේ. ඔවුන්ගේ දීප්තිමත් වර්ණ හා ප්‍රමාණයන් ජනප්‍රිය වී ඇත.
මෙම මකළු විශේෂ බෝ කිරීමේ හැකියාව තිබුණද සෑම විටම ඔවුන් කැලයෙන් අල්ලා ගැනීම අභාග්‍යයකි.
එම නිසා අදාල මකුළු විශේෂ මන්දගාමීව ප්‍රජනනය වන නිසා වනාන්තර විනාශ කිරීම හරහා ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව ඇත. එබැවින් අනෙකුත් මත්ස්‍යය විශේෂ සමග මෙම මකුළු විශේෂය වෙළඳාම සීමා කිරීමේ අරමුණෙන් ඔවුන් සයිටීස් දෙවැනි උපලේඛනයට ඇතුළත් කළ යුතු බව ශ්‍රි ලංකාව යෝජනා කර තිබේ.
ලොවින් තුරන් වී ගිය මැමත් සත්ත්වයාගේ සහ ඇතුන්ගේ දලවල ස්වරූපය එක සමානය. මැමත් සත්ත්වයා ලොවින් තුරන්වී ඇති අතර ඇතුන් අද මුහුණ පා සිටින්නේද එම තර්ජනයටමය. ශ්‍රි ලංකාවේ අලි ඇතුන් පිළිබද ඇත්දල වලට එහා ගිය සංස්කෘතික වටිනාකමක් ද ඇත. එ සම්බන්ධයෙන් විවිධ කතාබහක්ද ඇත.
ඊශ්‍රායලය වරක් යෝජනා කර තිබුණේ ඇත් දල ජවාරමට ඇතුන් දඩයම් කිරීම ඉතා ඉක්මනින් නවතා දැමීමට නම් ආක්ටික් කලාපයේ මිහිදන්ව ඇති මිලියන දහයක පමණ මැමත් සත්ත්වයන්ගේ දල විකුණා දැමීමට හැකියාව ඇති බවයි.
ශ්‍රි ලංකාවේ අලි ගහණයෙන් සියයට 5ක් පමණ ඇතුන්ය. ඇතමෙක් විශ්වාස කරන්නෙ ඇත්දල ලබා ගැනීමට ශ්‍රි ලංකාවේ ඇතුන් මරා දැමීම සිදු නොවන බවයි. එවැනි විශ්වාසයක් ඇතිව තිබෙන්නේ ගොවි බිම්වලට කඩා වදින අලි ඇතුන් හේතුවෙනි. කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ අලි ඇතුන් විශාල සංඛයාවක් මියැදෙන්නේ අලි මිනිස් ගැටුම නිසාය. ශ්‍රි ලංකා රජය ඇත් දල අපනයන වෙළදාමට අවසර දී නොතිබුණද ඇත් දල වලින් නිපැයු භාණ්ඩ සහ ආභරණ වෙළදාම සදහා ඉඩ ලබා දී ඇති බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් ශ්‍රි ලංකාව ඇත්දලවලින් සැදුම්ලක් භාණ්ඩ සදහා ලෝකයේ ප්‍රකට වෙළද තිප්පොළකි. කෙසේ වෙතත් දෙවැනි උප ලේඛනයේ මැමැත් දල සම්බන්ධයෙන් වු යෝජනාව ඇතැම්විට ශ්‍රි ලංකාවටත් රේගු නිලධාරින්ටත් නීතිවිරෝධි ඇත්දල ජාවාරම මැඩලීම සදහා සක්‍රියව දායකවිය හැකි ක්‍රමෝපායක් වනු ඇත.
ශ්රි ලංකාව විශාල ජෛව විවිධත්වයක් ඇති රටකි. මෙරටට ආවේණික ශාක විශේෂ හා සත්ත්ව විශේෂ රැසකි. පාරසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය මිල කළ නොහැකිය. එය රටකට සීමා නොවු විශ්වීය වැදගත්කමකි. දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක්ව සිටින මිනිසුන්ගේ ජීවනෝපායන් සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් එ සදහා පිළියම් සෙවීම වැදගත්ය.
පුරවැසියන් මෙන්ම වනජීවි සංරක්ෂණය සදහා රටකට යුතුකමක් ඇත. සයිටීස් සම්මුතිය වනජීවි හා ආවේනික ශාක විශේෂ රැකගැනීම සදහා මනා පටුබලයක් සපයන සම්මුතියකි. එ නිසා මෙවර කොළඹ පැවැත්වෙන සයිටීස් සමුළුව පිළිබදව ලොවක් දෑස් විවර කර බලා සිටියි.
ඒ සයිටීස් සමුළුවට ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් නියෝජිතයන්ගේ එකගත්වය ලැබෙනු ඇතැයි විශ්වාසය මතය. ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන යෝජනා සදහා ලොව අනෙක් රටවල නියොජිතයන්ගේ කැමැත්ත ලැබේ නම් එය තවත් අතකින් ජෛව විවිධත්ව වටිනාකමින් යුතු වනජීවි හා ශාක විශේෂ රැක ගැනීම සදහා වු තවත් ඉදිරි පියවරක් වනු නොඅනුමානය.
ඩෙනිස් මොම්බායුර් ගේ ලිපිය පරිවර්තනය කළේ රමේෂ් වරල්ලෙගම