නාගරික, නගර සැලසුම් සහ මානව ජනාවාස පිහිටුවීමට අදාල අනුහුරුවීමේ ක්‍රියාකාරකම් සැලැස්ම සමාලෝචනය

July 26, 2019

කොළඹ, 2019 ජූලි 26

ශ්‍රී ලංකාවේ නාගරික, නගර සැලසුම් සහ මානව ජනාවාස පහිටුවීමේ අංශයවලට  අදාල පාර්ශවකරුවන්ගේ උපදේශනය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ දී 2019 ජුලි 26 වන දින පැවැත්විණි.

දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය විසින් ආරම්භ කරන ලද මෙම උපදේශනය සංවිධානය කිරීම සදහා  සදහා ස්ලයිකැන් භාරය (SLYCAN trust) තාක්ෂණික සහය ලබාදුන්නේය.

නාගරික, නගර සැලසුම් සහ මානව ජනාවාස කේෂ්ත්‍රයට  අදාළ ශ්‍රී ලංකාවේ දේශිය නිර්නිත  නිර්නය දායකත්වයන් (NDC) සහ ජාතික අනුහුරුවීමේ සැලැස්ම (NAP) සමාලෝචනය කිරීම සහ යාවත්කාලීන කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවිය. ඊට රජයේ සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රවීණයෝ එක්ව සිටියහ.

දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය සුනිමාල් ජයතුංග මහතා නාගරික, නගර සැලසුම් සහ මානව ජනාවාස අංශය පිළිබඳ ව දැනුවත් කළේය.

 “2010 වසරේ නිකුත් කළ අවදානම් තක්සේරුකරණයේදී  මානව ජනාවාස කේෂ්ත්‍රය දේශගුණික විපර්යාස බලපෑමට ලක්විය හැකි වඩාත් අවදානම් අංශයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ නිසා අවදානමේ ස්වභාවය තේරුම්ගනිමින් ඊට අදාල අනුහුරුවීමේ මිනුම් සකසා ගැනීම අත්‍යවශ්‍යයැයි කී ආචාර්ය සුනිමල් ජයතුංග මහතා මෙහිදී මෙම කේෂ්ත්‍රයේ සිටින ප්‍රධාන පාර්ශවකරුවන් එක්ව කේෂත්‍රයේ  මුලික හදුනාගැනීම් සිදුකරමින් දේශිය නිර්නිත දායකත්ව (NDC)  සැලැස්මට අදාල ඉලක්ක කරා යාම වැදගත් බව පෙන්වා දුන්නේය.

මූල්‍ය, පර්යේෂණ,දැනුවත් කිරීමේ, ධාරිතා සංවර්ධන අවශ්‍යතා, ප්‍රතිපත්තිමය ඌණතා සහ නීති සහ ආයතන ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයන් මෙහිදි මෙම කේෂත්‍රයට අදාලව බලපා ඇති ගැටලු ලෙස හදුනාගන්නා ලදි.

මුලික හදුන්වාදීමෙන් අනතුරුව නාගරික, නගර සැලසුම් සහ මානව ජනාවාස කේෂ්ත්‍රයේ  දේශිය නිර්නිත දායකත්ව (NDC)   ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය යුතු යථාර්ථවාදී සහ දේශගුණික විපර්යාස පදනම් කරගත් යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. එහිදි පවතින ක්‍රමවේදවල සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන්ද පාර්ශවකරුවෝ සාකච්ඡා කළහ.

දේශිය නිර්නිත දායකත්වයට (NDC)  අදාල උප ඒකක පිහිටුවීම ඔස්සේ අදාල කේෂ්ත්‍රයන්ට සෘජුව හා වක්‍රව බලපාන ක්‍රියාකාරකම් පිළිබදව ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් සහභාගිවී සිටි පාර්ශවකරුවන්ගේ යෝජනා ඉදිරිපත් වුයේය.

ජාතික දායකත්වය යටතේ මෙම සැලසුම් සකස් කිරීමේදී විශේෂ කලාපයන් හා පළාත් පිළිබදව සැලකිලිමත්වෙමින් දේශිය නිර්නිත දායකත්වය (NDC)  දේශගුණ විපර්යාස බලපෑමට අදාලව ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක විය යුතු යැයි පැමිණි සිටි පාර්ශවකරුවෝ එකහෙලා ප්‍රකාශ කළහ.

ප්‍රාදේශිය හා නාගරික වශයෙන් කිසියම්‌ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඊට පාරසරික අවසරයක්  ලබා ගැනීමට සැලසුම් කරවීම, හරිත ගොඩනැගිලිහා ඉදිකිරීමට හා වෙළදපොල උපකරණ හදුන්වාදීමද අවශ්‍යය බව මෙහිදී ඉස්මතු විය.දැනට සංචාරක අංශයට පමණක් සීමා වී තිබෙන ජාතික හෞතික සැලසුම් අනුමත ක්‍රියාවලිය අනෙකුත් සියලු සැලසුම්වලට  ග්‍රාමිය හා නාගරික වශයෙන් දායක කර ගත යුතු බවද මෙහිදී අවධානයට ලක්විය. 

මෙම කෂ්ත්‍රයට අදාල දේශිය නිර්නිත දායකත්වයට (NDC)   ඇතුළත්කර තිබු ප්‍රධාන අංකේෂ්ත්‍ර 07 මෙම උපදේශනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන කෙෂ්ත්‍ර 04ක් දක්වා අඩු කෙරිණි. ඊට අදාල සැලසුම් ක්‍රියාවලියට සෙසු ප්‍රධාන කරුණු අනෙකුත් වැදගත් කරුණු ලෙස දැක්වීම සිදුවිය.

ඒ අනුව මෙම පාර්ශවකරුවන්ගේ උපදේශනය තුළ අනුහුරුවීමට අදාල දේශිය නිර්නිත දායකත්වය (NDC)  සහ දේශගුණ විපර්යාසයන්ට අදාල ජාතික  අනුහුරුවීමේ සැලැස්මට (NAP) ඇතුලත්විය යුතු කේෂ්ත්‍රයන් සම්පුර්ණ කෙරිණි.

අගෝස්තු 22 වැනිදාට යෙදෙන දේශිය නිර්නිත දායකත්වය (NDC)  පිළිබද ජාතික වැඩමුළුවේදී මේ පිළිබද ප්‍රගතිය සලකා බැලීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් විස්තර සඳහා කරුණාකර 0117 446 238 අංකයෙන් හෝ info@slycantrust.org හි විද්යුත් තැපෑලෙන් සජානි රණසිංහ අමතා ලබා ගත හැකිය

Related Articles

No items found.

Thematic Areas

No items found.

Tags

No items found.
About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.