දේශගුණ විපර්යාස සන්නිවේදනය ශක්තිමත් කිරීමේ රාජ්‍ය වැඩමුළුවක්

January 31, 2019

දේශගුණ විපර්යාස සන්නිවේදනය කිරීම සදහා ජාතික සන්නිවේදන ක්රමෝපායක් සකස් කිරීමේ වැඩපිළිවෙල යටතේ රාජ්ය ආයතනවල පවතින සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ විශේෂ වැඩමුළුවක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංශය, දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, තුන්වැනි ජාතික සන්නිවේදන හවුල සහ ගෝලීය පරිසර සංසදයේ (GEF)සංවිධානයෙන් පරිසර අමාත්යංශ ශ්රවණාගාරයේදී අද (30)දින පැවැත්විණි. පරිසර අමාත්යංශයේ දේශගුණ විපර්යාස කාර්යාලයේ අධ්යක්ෂ ආචාර්ය සුනිමල් ජයතුංග මහතා, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ ව්යාපෘති නියෝජිත සුමුදු සිල්වා මහතා, ස්ලයිකැන් භාරයේ විධායක අධ්යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය සහ ශ්රි ලංකා පුවත්පත් ආයතනයේ විධායක අධ්යක්ෂ කුමා ලොපෙස් මහතාගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

රාජ්ය ආයතන ඔස්සේ දේශගුණික විපර්යාස සන්නිවේදනය සිදුවේද ? එසේ සිදුවන අකාරයේ යම් දුර්වලතා තිබේද සහ මහජනතාවට දේශගුණික විපර්යාස සන්නිවේදනය කිරීම සදහා සකස් කෙරෙන ජාතික ප්රතිපත්තියට ඇතුළත් විය යුතු කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් මෙහිදී ප්රධාන වශයෙන් අවධානය යොමුවිය.

ආපදා කළමණාකරන මධ්යස්ථානය, පරිසර අමාත්යංශය,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ධීවර අමාත්යංශය, මධ්යම පරිසර අධිකාරිය,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්ය ආයතන රැසක නියෝජිතයෝ වැඩමුළුවට එක්ව සිටියහ. දේශගුණ විපර්යාස සන්නිවේදනය කිරීමේදී රාජ්ය ආයතන අතර පවතින සන්නිවේදන දුර්වලතාවන් මෙහිදී හදුනාගත් අතර අනොන්ය වශයෙන් ආයතන අතරත් පොදුවේ මහජනතාවටත් දැනුම සන්නිවේදනය කිරීම සදහා යොදාගත හැකි ක්රමෝපාය පිළිබදව මෙහෙදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්විය. වඩාත් ඵලදායි ලෙස ශ්රී ලංකාවේ දේශගුණ විපර්යාස සන්නිවේදනය කිරීම සදහා පාර්ශවකරුවන්ගේ ඒකාබද්ධ මැදිහත්වීම උපායමාර්ගික සන්නිවේදන ක්රියාවලියක නිරතවීම සදහා අත්යවශ්යය බව මෙහිදී පැහිදිලිවිය. ඉදිරියේදී සකස් කෙරෙන දේශගුණ විපර්යාස සන්නිවේදනය සදහා වු ජාතික සන්නිවේදන ක්රමෝපාය සදහා මෙම වැඩමුළුවේදී සාකච්ඡාවට ලක්වු අදහස්ද සැළකිල්ලට ගැනීමට නියමිතව ඇත.

Related Articles

Thematic Areas

No items found.

Tags

About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.