කන්දකුලියෙන් කඩොලාන පැල 1500ක් මිහිකතට එක්වෙයි

දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා මුළු ලෝකයම විවිධ උප්‍රකම සොයමින් සිටියි. දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වයට හරිතාගාර වායු විමෝචනය සෘජුව බලපෑම් ඇති කරයි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළයෑම ස්වභාවිකව පාලනය කර ගැනීම හැර වෙනත් විකල්ප සෙවීම දුෂ්කර වී තිබේ.


භූමියේ පවතින වෙරළ ඛාදනය අවම කිරීම, සුනාමි වැනි උවදුරුවලට මුහුණදීම, මත්ස්‍යය අභිජනනය සහ ස්වභාවික පරිසර සමතුලිතතාව රැක ගැනීම පිළිබද කල්පනා කිරීෙෙම්දී කඩොලාන පරිසර පද්ධතිය අත්‍යවශ්‍යය සාධකයකි. 

මේ බව තේරුම්ගත් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ශ්‍රි ලංකාව වටා මුහුදු තීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛත්වයක්ගෙන කටයුතු කරයි.

පුත්තලම, කල්පිටිය කන්දකුලිය වෙරළ තීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක් පසුගිය අගහරුවාදා (03) වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ස්ලයිකැන් භාරය හා එක්ව ක්‍රියාත්මක කෙරෙණි. 

අදාල වැඩසටහන තෝරාගෙන තිබුණේ කන්දකුලිය කයිට් සර්ෆින් ලංකා සංචාරක නිකේතනය හා ඊට නුදුරු වෙරළ තීරයයි. කඩොලාන පැල 1500ක් ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන සුදානම් කෙරිණි.

කයිට් සර්ෆින් ලංකා සංචාරක නිකේතනය, නාවික හමුදාව, කන්දකුලිය ප්‍රජාව මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යන අංශයේ සිසුන් මෙම වැඩසටහන හා අත්වැල් බැදගැනීම ප්‍රශංසනීය සිදුවීමකි.

මෙයට වසර ගණනාවකට පෙර මෙම ස්ථානයේ කඩොලාන ශාක ගහණයක් තිබී ඇති අතර කාලයාගේ ඇවෑමෙන් විවිධ හේතු නිසා එම ස්ථානයේ තිබු කඩොලාන ශාක විනාශ වී ගොස් තිබේ. ඉස්සන් කොටු සදහා භාවිතා කිරීමට කඩොලාන ශාක කපා ඉවත් කෙරුණු බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. කෙසේ වෙතත් විනාශ වී ගිය කඩොලාන පරිසරයේ තිබෙන වැදගත්කම සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයේ නිරත පිරිසට, ඇතැම් ප්‍රදේශවාසීන්ට මේ වනවිට දැනෙන්නට පටන්ගෙන තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යන අංශයේ සිසුන්ද කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය කිරීමේ අවස්ථාවට සහභාගිවීමට කණ්ඩායම් හැගීමෙන් යොමුවී ඇත්තේ මිහිතලයේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ දහඩිය මහන්සිය ඇතිව ඔවුන්ගේ දෑතින් පරිසරයට කඩොලාන ශාක රෝපණය කිරීමේ අදිටන ඇතිවය. 

පසුගිය අගහරුවාදා උදෑසනම මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ස්ලයිකැන් ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ඩෙනිස් මොම්බවුර් මහතා පැමිණ සිටි පිරිස දැනුවත් කළේය.


කඩොලාන ශාක පද්ධිතියක අවශ්‍යතාව ගැන අද ලෝක මට්ටමෙන් කතාබහට ලක්වෙමින් තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ සාමාන්‍ය ශාකවලට වඩා කිහිප ගුණයකින් වායුගෝලයේ තිබෙන කාබන් උරා ගැනීමට කඩොලාන ශාකවලට ඇති සුවිශේෂී හැකියාවයි. අද දිනයේ රාජ්‍ය, රාජ්‍ය නොවන, නියෝජිත ආයතන මෙන්ම ග්‍රාමිය ප්‍රජාව සහ විශ්ව විද්‍යාල සිසුන් එක්ව මෙම කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබීම සම්බන්ධයෙන් මම සතුටුවෙනවා යැයි ස්ලයිකැන් ආයතනය වෙනුවෙන් අධ්‍යක්ෂ ඩෙනිස් මොම්බවුර් මහතා පැවැසීය.

උදෑසන ආරම්භ වු කඩොලාන ප්‍රතිස්ථාපන කටයුතු දැක බලාගනිමින් ඊට සුළුවෙන් හෝ උදව් උපකාර කිරීමට මෙරට සංචාරයට පැමිණ සිටි විදේශිකයන්ද උනන්දු වීම පැමිණ සිටි පිරිසගේ උනන්දුව තවත් ඉහළ දැමුහ.

මේ සදහා නොබෝදා කොළඹ පැවැති  ශ්රි ලංකා  නෙක්ස්ට් ගෝලීය පරිසර තරුණ සමුළුවට එක්වු තරුණ තරුණියන්ද ස්ලයිකැන් භාරයේ සාමාජික සාමාජිකාවන් එකවු අතර මිට්ෂුබිෂි සමාගම (Mitsubishi Corporation) මේ සදහා අනුග්රහය දැක්වුයේය.


Related Articles

Tags

About the Author
SLYCAN Trust

Since 2016 SLYCAN is a registered legal entity in the form of a Trust, and work under the title of SLYCAN Trust, expanding the issues of focus, and widening the scope of focus from youth centric to a multi-stakeholder driven, and social justice driven process. SLYCAN Trust envisions wider engagement and a wider range of activities on the themes of sustainable development, climate change, gender and animal welfare, and social justice to ensure that we strive for a better future for all.