සත්ත්ව කෘෂිකර්මාන්තය නිසා සිදුවන පාරිසරික බලපෑම හේතුවෙන් මෑත කාලය තුළ ශාක මත පදනම් වූ විකල්පයන් කෙරෙහි ඇතිවන උනන්දුව සීඝ්රයෙන් ඉහළ ගොස් ඇත.සත්ත්ව ප්රෝටීන ලබා ගැනීමේදී සිදුවන සෞඛ්යමය හා සදාචාරාත්මක ගැටළුද ශාක ප්රෝටීන වලට නැඹුරුවීමට තවත් හේතුවක් වී ඇත. 

සත්ත්ව ප්‍රෝටීන හා සසඳන කළ, ශාක ප්‍රෝටීනමය ආහාර මඟින් සිදුවන හරිතාගාර වායු විමෝචනය, වන්නාතර හායනය, ජල දූෂණය සහ පාංශු ඛාදනය සඳහා ඇති දායකත්වය අඩු අගයක් ගනී.එසේම ඒවා අවම සම්පත් භාවිතයකින් නිපදවිය හැකි අතර, එයින් ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණයද අවම වීම යන කාරණා හේතුවෙන් ඉහත කී ශාක ප්‍රෝටීන සඳහා ඇතිවන අවධානය දිනෙන් දින ඉහළ යනු දැකගත හැකිය. 

සෞඛ්‍ය හා පාරිසරික ප්‍රතිලාභ

බොහෝ ශාක මත පදනම් වූ ප්‍රෝටීන වර්ග සෞඛ්‍ය හා පාරිසරික ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. ඒවා, ඒවා සංතෘප්ත මේද වලින් අවම සහ තන්තුමය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් අනූන නිසා ඉතා පෝෂ්‍යදායී සහ සෞඛ්‍යදායී ලෙස සළකනු ලබයි . එසේම ඒවා වඩා තිරසාර හා පරිසර හිතකාමී වේ. මන්දයත් ශාකමය ප්‍රෝටීන නිශ්පාදනයන් අවම සම්පත් ප්‍රමාණයකින් සහ අවම පිරිවැයකින් නිෂපාදනය කල හැකි බැවිනි. එසේම එයින් පරිසරයට මුදා හැරෙන්නේද සාපේක්ෂව අවම අපද්‍රව්‍ය ප්‍රමාණයකි.

තවද, සත්ත්ව ප්‍රෝටීන හා බලන කළ ශාක මත පදනම් වූ ප්‍රෝටීන් බහුල ආහාර හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව වැනි නිධන්ගත රෝග සහ පිළිකා වැනි රෝගද වැළඳීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ. (Joshi, 2019). 

ශාකමත පදනම් වූ ආහාර වර්ග වලින්  වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ හතු වර්ග, සහ ක්ෂුද්‍ර ඇල්ගී වර්ගය. මේවා වනාන්තර ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ. හතු, ප්‍රෝටීන බහුල, තන්තු වලින්ද පොහොසත් ප්‍රෝටීන ප්‍රභවයකි. ස්පිරුලිනා වැනි ක්ෂුද්‍ර ඇල්ගී සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල මෙන්ම විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක (Qin., 2022) අඩංගු ප්‍රෝටීන් වල ඉතා පෝෂ්‍යදායී ප්‍රභවයක් බව හඳුනාගෙන ඇත.

අනෙකුත් වනාන්තර පදනම් වූ ප්‍රෝටීන් විකල්ප අතරට ඖෂධීය පැළෑටි  වර්ග , ධාන්‍ය සහ බීජ වර්ග ඇතුළත් වන අතර මේවායින් පෝෂණයෙන් හා රසයෙන් යුතු ආහාර වර්ග රාශියක්ම සාදා ගැනීමේ හැකියාව ඇත.

ශාක පදනම් වූ ප්‍රෝටීන් විකල්පවල ව්‍යවසායකත්වය

සෞඛ්‍ය සහ පාරිසරික හිතකාමී සංකල්ප පිළිබඳ පාරිභෝගිකයන්ගේ දැනුවත් භාවය නිසාවෙන් විකල්ප ප්‍රෝටීන ව්‍යවසායකත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වන වෙළෙඳපොළකට පිවිසී ඇත.  එමඟින් ශාක මත පදනම් වූ සහ විකල්ප ප්‍රෝටීන් සඳහා වැඩි ඉල්ලුමක්ද නිර්මාණය වෙමින් පවතී. එමඟින් නව්‍ය ශාක ආශ්‍රිත ප්‍රෝටීන් නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ව්‍යවසායකයින්ට සැලකිය යුතු වෙළඳපල අවස්ථාවක් නිර්මාණය වී ඇත. 

උදාහරණයක් ලෙස, විකල්ප ප්‍රෝටීන් ආරම්භකයින් නව නිෂ්පාදන ක්‍රම සහ අමුද්‍රව්‍ය ප්‍රභවයන් ගවේෂණය කිරීමට පෙළඹී  ඇත. මීට අමතරව, ආහාර තාක්‍ෂණයේ දියුණුවත් සමඟ, විකල්ප ප්‍රෝටීන් ආරම්භකයින්ට සත්ව පාදක ප්‍රෝටීන් වල රසය, වයනය සහ පෝෂණය අනුකරණය කරන නිෂ්පාදන නිර්මාණය  වීමට ආරම්භ වී ඇත, එය විකල්ප ප්‍රෝටීන් විකල්ප සඳහා වෙළඳපල පුළුල් කිරීමට මහත් පිවුවහලකි.(Vandenbroeck., 2021) .

කෙසේ වෙතත්, විකල්ප ප්‍රෝටීන් ආරම්භයක් ස්ථාපනය කිරීම හෝ විකල්ප ප්‍රෝටීන් ව්‍යවසායක් කළමනාකරණය කිරීම ඉතාමත් අභියෝගාත්මක කරතව්‍යකි.මෙහිදී යොදාගන්නා ක්‍රියා පටිපාටි සඳහා බොහෝ විට සාම්ප්‍රදායික සත්ව පාදක ප්‍රෝටීන් නිෂ්පාදනයට වඩා අධික පිරිවැයක් වැයවේ.(Aschemann-Witzel., 2021).

එසේම ඇතැම්  විකල්ප ප්‍රෝටීන් නිෂ්පාදන සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදනවලට සමාන ප්‍රමිතීන්ට හෝ ලේබල් කිරීමේ නීති රෙගුලාසි වලට අයත්  නොවිය හැකි නිසා ඒවාට නියාමන අභියෝග ද තිබිය හැකිය. තවද, ස්ථාපිත ආහාර සමාගම් සහ නැවුම් ආරම්භකයින් යන දෙපාර්ශවයම වෙළඳපොළට එක්වෙමින් පවතින බැවින්, ඉහත සඳහන් කරන ලද වෙළඳපොළ තරඟකාරී ස්වභාවය තවත් තීව්‍ර වී ඇත.(Vandenbroeck., 2021)

පර්යේෂණ සහ හැකියාවන් ගොඩනැගීම

දේශගුණික විපර්‍යාස යනු, අද ලෝකය මුහුණ දී ඇති විශාල ගැටළුවක් බව අප සියළු දෙනා හොඳින් දන්නා කාරණයකි. දේශගුණික විපර්‍යාස ආමන්ත්‍රණය කිරීමට විසඳුමක් ලෙස ශාක මත පදනම් වූ විකල්පමය ප්‍රෝටීන ඉවහල් වන බැවින්  SLYCAN Trust ආයතනය, ශ්‍රී ලංකාවේ ශාක මත පදනම් වූ විකල්පමය ප්‍රෝටීන ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් දියත් කළ අධ්‍යනය පසුගියදා ආරම්භ විය. මෙහිදී අප අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ ප්‍රවේශ විය හැකි විකල්ප ශාක පාදක ප්‍රෝටීන් ප්‍රභවයන් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ශාක පදනම් කරගත් ව්‍යවසායකත්වය තුළින් ජීවනෝපාය සංවර්ධනයට සහ ආර්ථික සවිබල ගැන්වීමට දායක වීමයි.

තවද, මෙම පර්යේෂණය ශ්‍රී ලංකාවේ වනාන්තර පදනම් කරගත් විකල්ප ප්‍රෝටීන් විකල්ප හඳුනාගැනීමත්, ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ සාමාන්‍ය ජනතාව අතර විකල්ප ප්‍රෝටීන් ප්‍රචලිත කිරීමත්, ශාක පදනම් කරගත් ව්‍යවසායකත්වය ගොඩනැගීම සඳහා ජීවනෝපාය සඳහා සහාය වීමත් අරමුණු කරයි.

ප්‍රදේශවාසීන් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් අතරතුර

 

එම පර්යේෂණ ප්‍රයත්නයේ කොටසක් ලෙස, අපගේ පර්යේෂණ කණ්ඩායම මෑතකදී ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිතව දැකගත හැකි ශාක මත පදනම් වූ විකල්ප ප්‍රෝටීන් වර්ග හඳුනා ගැනීම සඳහාත් ඒවා අධ්‍යනය කිරීම සඳහාත් ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. මෙම ක්ෂේත්‍ර චාරිකාවේදී අප හට එම ප්‍රදේශවල ගම්වාසීන්ගෙන් ලැබුණ සහයෝගය සහ වන සං‍රක්ෂණ නිලධාරීන්ගේ මඟ පෙන්වීම මත ශාක පාදක ප්‍රෝටීන් ප්‍රභවයන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකිවිය. එහිදී  ඔවුන්ගේ අත්දැකීම් සහ දැනුම අප සමඟ බෙදා ගත් අතර, එමඟින් මෙම විකල්පයන්හි අද්විතීය ගුණාංග, ඒවා අස්වැන්න නෙළන කාලය, බෝග එකතු කිරීම සඳහා ගම්වාසීන් විසින් භාවිතා කරන ශිල්පීය ක්‍රම සහ ඒවා ආහාර ලෙස සකස් කිරීමට භාවිතා කරන ක්‍රම පිළිබඳවද දැන ගැනීමට අවස්ථාව සැලසිණි. එසේම බොහෝ විශේෂවල ගුණාංග, වාසි, අවාසි සහ ඒවාට සම්බන්ධ කථා සහ ජනප්‍රවාද පිළිබඳ අප සමඟ බෙදා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

මෙසේ ගොනු කරගත් තොරතුරු පාදක කරගනිමින් ශාක පාදක ප්‍රෝටීන් විකල්ප ප්‍රවර්ධනය කිරීම සහ ශාක පදනම් වූ ව්‍යවසායකත්වයට සහාය වීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ධාරිතා ගොඩනැගීම සහ දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම මෙම වැඩසටහනේ ඉදිරි පියවරයන් ලෙස හඳුනා ගත හැකිය. මීට සමගාමීවම, ශ්‍රී ලංකාවේ පවතින ශාක පදනම් වූ ප්‍රෝටීන් විකල්පයන් පිළිබඳ දැනුම සහ නිෂ්පාදන සහිත ලැයිස්තුවක් සකස් කිරීමද අපගේ මෙම පර්‍යේෂණයේ තවත් අරමුණකි.

යොමුව

  • Aschemann-Witzel, J., Gantriis, R. F., Fraga, P., & Perez-Cueto, F. J. (2021). Plant-based food and protein trend from a business perspective: Markets, consumers, and the challenges and opportunities in the future. Critical Reviews in Food Science and Nutrition, 61(18), 3119-3128.

  • Joshi, S., Shah, S., & Kalantar-Zadeh, K. (2019). Adequacy of plant-based proteins in chronic kidney disease. Journal of Renal Nutrition, 29(2), 112-117.

  • Qin, P., Wang, T., & Luo, Y. (2022). A review on plant-based proteins from soybean: Health benefits and soy product development. Journal of Agriculture and Food Research, 7, 100265.

  • Vandenbroeck, E. (2021). Entrepreneurship and the plant-based protein transition: A discourse analysis of packaging of Swedish plant-based brands.

පරිවර්තනය- තිළීණි ගුණතිලක.

Related Articles

Thematic Areas

Tags

About the Author
Thilini Gunathilake

Thilini works as a Research and Programme Officer at SLYCAN Trust, and works on thematic areas of climate change, mangroves, and agricultural insurance. Her areas of interest include coastal ecosystems and climate change. Thilini has a BSc in Fisheries and Marine Sciences from the Ocean University of Sri Lanka. She has a diploma in Information Technology and E-Commerce from the Esoft Metro Campus. She also completed an 8-week internship in the Marine Biological Resources Division at the National Aquatic Resources Research and Development Agency (NARA). Her experience in fisheries, coastal sciences, ocean sciences, and seafood technology led her to publish her first research paper at the Ocean University of Sri Lanka.