දේශගුණික විපර්යාස ආරක්ෂාවට තර්ජනයක් - එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සලය

January 29, 2019

රමේෂ් වැරල්ලගම

දේශගුණික විපර්යාස ආරක්ෂාවට තර්ජනයක් බවඑක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සලයේදී පසුගියදා ප්රකාශයට පත්වී ඇත.ජර්මන් විදේශ කටයුතු අමාත්ය හෙයිකොමාස්  පසුගිය ආරක්ෂක කවුන්සලයේදී මේ බවඅවධාරණය කර තිබේ.

ලෝක සාමය සම්බන්ධ ආරක්ෂක කවුන්සල සැසිවාරයටඑක්වෙමින් අමාත්ය හෙයිකො මාස් මේ බව පෙන්වා දී ඇත.දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයසදහා ජලය මෙන්ම භූමිය අහිමිවීම ඔස්සේ මිනිසුන්ට ජීවනෝපායක් නොමැතිවන බවත් එසේජීවනෝපායන් අහිමිවීම අන්තවාදී සහ ත්රස්තවාදී කටයුතු ව්යාප්තවීමට හේතුවක් බවත්අමාත්ය හෙයිකො මාස් අවධරණය කර තිබේ.

අභ්‍යවකාශගාමී ඇලෙක්සැන්ඩර් ගෙරෙස්ට් අභ්‍යවකාශයේසිට ගත් යුරෝපයේ පැතිකඩක ඡායාරූපයක් පෙන්වමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය තහවුරු කරඇත.

කලින් හරිත වර්ණයෙන් යුතු වනගත ප්‍රදේශ මේවනවිට කහ පැහැති තණ පිටි බවට පත්ව තිබෙන බවත් කෘෂිකර්මාන්තය සදහා ජලය මෙන්ම භූමියඉතා ඉක්මනින් හිගවන බව මේ තුළින් පැහැදිලිවන බවත් අමාත්‍ය හෙයිකො මාස් ප්‍රකාශකරයි.

මේ පළිබදව එක්සත් ජාතින්ගේ සංවිධානය හරහානිවැරදි දත්ත හා තොරතුර ලබා ගැනීමේ හා බෙදාගැනීමේ වැදගත්කමත් දේශගුණික විපර්යාසවලටමුහුණදීමේ වැඩපිළිවෙලකට යොමුවීමේ වැදගත්කමත් මෙම ආරක්ෂක කවුන්සල සැසිවාරය ඔස්සේඅවධාරණය වී ඇත.  

Related Articles

Thematic Areas

No items found.

Tags

About the Author
No items found.