ගෝලීය අභියෝගවලට විසදුම් සොයන දේශගුණ විපර්යාස තරුණ සැසිය

January 31, 2019

තාරුණ්‍යයේ මැදිහත්වීම ඔස්සේ ගෝලීය අභියෝගතාහදුනාගනිමින් ඊට සාර්ථක විසදුම් කරා ළගාවන දේශගුණ විපර්යාස පිළිබද තරුණ සංසදයේ දෙවැනිඅදියර කොළඹ ව්‍යාපාර කළමණාකරන පාසලේදී පසුගිය 29 වැනිදා  පැවැත්විණි.

පරිසර, බලශක්ති, සෞඛ්ය සහ දරිද්රතාව ඇතුළුගෝලීය අභියෝග ජයගැනීම සදහා තාරුණ්ය ඵලදායී ලෙස යොදා ගැනීම සහ ඊට අවශ්යය කාර්යක්ෂමහැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව මෙම සැසිය ස්ලැයිකැන් භාරය සංවිධානය කර තිබිණි.

2018 වසරේ දේශගුණ විපර්යාස සදහා වු ගෝලීයතරුණ සැසියට තෝරාගත් තරුණ තරුණියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. දේශගුණ විපර්යාසයන්ට සම්බන්ධපොදු අර්බුධයක් හදුනාගෙන ඒ වෙනුවෙන් මිනිත්තු 26ක කාලයක් තුළ විසදුමක් සෙවීමේ ව්‍යාපෘතියක්සකස් කිරීම මෙම සැසියේ විශේෂත්වයකි.

තුරු සහ වෙන්චර් ෆාන්ටියර්ස් සම නිර්මාතෘ හේමින්ද ජයවීර මහතා සහ ස්ලයිකැන්භාරයේ විධායක අධ්යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය මෙම සැසියේ සම්පත්දායකයින්ලෙස කටයුතු කළහ.

දෙවැනි අදියරේ මීළග සැසිවාරය ලබන 09 වැනිදාපැවැත්වේ. වැඩිවිස්තර සදහා අපට ලියන්න නැතිනම් දුරකථන ඇමැතුමක් දෙන්න.

info@slycantrust.org / +94 11 744 6238  

Related Articles

Thematic Areas

No items found.

Tags

About the Author
SLYCAN Trust

SLYCAN Trust is a non-profit think tank. It has been a registered legal entity in the form of a trust since 2016, and a guarantee limited company since 2019. The entities focus on the thematic areas of climate change, adaptation and resilience, sustainable development, environmental conservation and restoration, social justice, and animal welfare. SLYCAN Trust’s activities include legal and policy research, education and awareness creation, capacity building and training, and implementation of ground level action. SLYCAN Trust aims to facilitate and contribute to multi-stakeholder driven, inclusive and participatory actions for a sustainable and resilient future for all.