කාබන් උරා බොන කඩොලාන පද්ධති 

සමතුලිත පරිසරයක් තුළින් ජීවින්ට බොහෝ වාසි අත්වෙයි. අප අවට ඇති පරිසරයේ බොහෝ ශාඛ සම්බන්ධයෙන් නොයෙකුත් අවධානයන් යොමු වුවද සුශේෂී ශාක වර්ග ඔස්සේ පරිසරයට ලැබෙන දායකත්වය සම්බන්ධයෙන් ඇතමෙක්ට ඇත්තේ අල්ප දැනුමකි.

කඩොලාන ශාක එවැනි වටිනාකම් රැසක් සහිත ශාක පද්ධතියකි. එසේ වුවද කඩොලාන සම්බන්ධයෙන් සීමිත දැනුම් ප්රමාණයක් ජනතාව අතර හුවමාරුවීමට හේතුවී ඇත්තේ වෙරළබඩ හා වෙරළබඩ ආසන්න කලපු ප්රදේශවල පමණක් කඩොලාන ව්යාප්ත වීමයි.

බැලු බැල්මටනම් කඩොලාන ශාකයකින් කිසිදු ප්රයෝජනයක් තිබෙන්නේයැයි අදහසක් නොඑන තරම්ය. නමුත් කඩොලාන ගැන උනන්දුවක් දක්වමින් ඒ ගැන සොයා බැලු විට කඩොලාන පද්ධතියක වැදගත්කම සොයාගත හැකිය.

කඩොලාන

කඩොලාන ශාක පද්ධතිය කලපු, කලපු මෝය සහ ගංගා මෝය ඇතුළු වඩදිය බාදිය සහිත කිවුල් ජලය සහිත පරිසරයක ජනිත වේ. පාරිසරික බාධාවන්ට මුහුණදෙමින් ඊට අභියෝග කරමින් වර්ධනයවන කඩොලාන අන්තර් උදම් කලාපයේ දැකිය හැකි ශාකයකි. සත්යය කඩොලාන ලෙස හැදින්වෙන්නේද මේ ශාකයන්ය.න

ාසා ආයතනයේ දත්තයන්ට අනුව ලොව කාබන් අවශෝෂණය ඉහළම ශාක පද්ධතිය වන්නේ කඩොලාන ශාකයි. ගෝලීය උෂ්ණත්වය අවම කරන කඩොලාන දේශගුණික විපර්යාස අවම කිරීමේ මෙවලමක් වැනිය. අනෙක් අතට ගොඩබිමට පැමිණෙන උදම්රළට ස්වභාවික බාධකයක්ව මුහුණදීමට තරම් කඩොලාන ශක්තිමත්ය.


ශ්‍රි ලංකාවේ කඩොලාන

දුපතක් ලෙස ශ්‍රි ලංකාව වටා වෙරළබඩ කලාපයේ ගංගා , මෝය කළපු ආශ්‍රිතව කඩොලාන ව්‍යාප්ත වී තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව නම් හෙක්ටයාර් 19000ක පමණ භූමියක් පුරා මෙරට කඩොලාන ව්‍යාප්ත වී තිබේ. නමුත් මෙම දත්ත සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වී ඇත. ඊට හේතුව ශ්‍රි ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය සම්බන්ධයෙන් විවිධ දත්ත හුවමාරුවීමයි. සංඛ්‍යාත්මකව හෙක්ටයාර් 12000ක භූමියක කඩොලාන ඇති බව තවත් මතයකි. මේ සියලු මතභේද ඇතිව තිබෙන්නේ මෑතකාලීනව කඩොලාන ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිශ්චිත මැණුම් සිතියම්ගත කිරීමක් මෙතෙක් පුර්ණ වශයෙන් එළිදක්වා නැති නිසාය.

උතුරු, නැගෙනහිර, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල ශ්‍රි ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය දක්නට ලැබෙන අතර මෙතෙක් ලංකාවේ වාර්තාවී තිබෙන සත්‍ය කඩොලාන ශාක වර්ග ගණන  22කි. 

උතුරු පළාතේ හා නැගෙනහිර වැඩි වශයෙන් ව්‍යාප්තවන කඩොලාන ශාකවලට වඩා වෙනස් කඩොලාන දකුණේ සහ බස්නාහිර හා වයඹ ප්‍රදේශවල ව්‍යාප්තවීම දක්නට ලැබේ.


ස්ලයිකැන් භාරයේ (SLYCAN Trust) කඩොලාන මෙහෙයුම

දේශගුණ විපර්යාස බලපෑමට අසුවීමෙන් ලෝකය මුහුණ පා ඇති අර්බුධයට අනුහුරුවීමේ විකල්ප සොයන ආයතනයක් ලෙස ස්ලයිකැන් භාරය කලාපීය වශයෙන් සිය මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටියි.මහවැලි සංවර්ධන හා පරිසර අමාත්යංශය සමග එක්ව ස්ලයිකැන් භාරය කඩොලාන ප්රතිස්ථාපනය කළ හැකි ස්ථාන හදුනාගෙන ඊට අදාල ප්රතිස්ථාපන කටයුතු මේ වවිට ක්රියාත්මක කරමින් සිටියි. මන්නාරම, යාපනය සහ දකුණු පළාත ආවරණයවන එවැනි කඩොලාන ව්යාපෘති ක්රියාත්මක කරන ස්ලයිකැන් භාරය තවදුරටත් කඩොලාන ප්රතිස්ථාපනය කළ හැකි ස්ථානවෙත ළගාවෙමින් එම කටයුත්තට දායකවීමට පෙරමුණගෙන ක්රියාකරයි.“රජය හෙක්ටයාර් 10000ක පමණ අලුතින් කඩොලාන ප්රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.මහවැලි සංවර්ධන  හා පරිසර අමාත්යංශය හා එක්ව ස්ලයිකැන් භාරය පසුගිය වසර කිහිපයේදීත්, ඉදිරියටත් මෙම සත්කාරයට දායක වෙමින් සිටිනවා ” යැයි ස්ලයිකැන් භාරයේ විධායක අධ්යක්ෂිකා නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවැසුවාය.

ස්ලයිකැන්භාරය මෙම කටයුත්ත සදහා රාජ්ය සහ පුද්ගලික අංශය ද සම්බන්ධ කර ගැනීම විශේෂත්වයකි. දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වීම මෙන්ම කඩොලාන අවට ක්රියාත්මක පරිසර පද්ධතිය හේතුවෙන් පහසුකම් ලබන බොහෝ පිරිසක් ඒ වටා සිටිති. කඩොලාන ආරක්ෂා කර ගැනීම හා ව්යාප්තිය ඉහළ නැංවීමේදී මේ සියලු දෑ සලකා බැලිය යුතු බව ස්ලයිකැන් භාරය හදුනාගෙන තිබේ.

ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය, කඩොලාන ශාක ආශ්රිත ව්යාපාර, කඩොලාන පරිසරයට බද්ධ වු ජනතාව ඇතුළු බොහෝ කේෂ්ත්ර පිළිබදවද මෙම පරිසර පද්ධතිය රැක ගැනීමේදී අවධානය යොමු කළ යුතුය. 

සටහන - රමේෂ් වරල්ලෙගම 



Related Articles

Tags

About the Author
Ramesh Warallagama

Ramesh works as a senior consultant on communications and media. He has over 15 years of experience in print media. He was former editor of Rivira newspaper, and has worked in the capacity of news editor, and a senior journalist in his years in the field of journalism.