2020 සිට 2023 දක්වා, COVID-19 වසංගතය සහ පසුව ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පෝෂණ සහ ක්ෂුද්‍රපෝෂණ ඌනතාවල සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබී ඇත. ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2022-2024 වසරේ වෙනුවෙන් පළකරන ලද පෝෂණ සැලැස්මට අනුව 2021 මැයි වන විට වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් 20% ක් අඩු බරින් යුතු ළමයින් වන බව පෙන්වා දී ඇත. මෙම කාලසීමාව තුළ ළමුන් අතර වර්ධන ඌණතා, මාංශපේශී වර්ධනයේ ඌණතා, අධික බර සහ අඩු බර තත්වයන්ද වාර්තාවී ඇත.
ඒසේම, තරුණ තරුණියන්ගේ මෙම සංඛ්‍යාලේඛන තොරතුරු නොමැති වුවත්, ඔවුන්ද සැලකිය යුතු මන්දපෝෂණ තත්වයන් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිෂ්පාදන සැපයුම් දාමයේ ඇති අර්බුධ, ඉහළ යන ආහාර මිලගණන්, කෘෂිකාර්මික නිෂ්පාදනයන්ගේ අඩුවීම්, විරැකියාව සහ ආදායම් අහිමිවීම් වැනි හේතුන් වල බලපෑම, පෝෂ්‍යදායී ආහාර වලින් තරුණ ප්‍රජාව දුරස් වීමට සාධක විය හැකිය.
මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහ අත්‍යවශ්‍ය කායික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට, ප්‍රෝටීන ඉතා වැදගත් කාර්‍යභාරයක් ඉටු කරන බව අප සැම දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙම ප්‍රෝටීන, වර්ධනයට, ප්‍රජනනයට හා මව්කිරි නිපදවීමට සහ අනෙකුත් ශාරීරික ක්‍රියාකාරකම් සඳහාව වැදගත් වේ.
සත්ත්ව ආහාර මත පදනම් වූ ප්‍රෝටීන, ප්‍රමුඛ ප්‍රෝටීන ප්‍රභවයක් වන නමුත් ඒවායේ ඇති අධික මිල ගනන් සහ පරිසරයට ඒවා තුළින් වන බලපෑමද සැලකිය යුතු වේ. මෙම හේතු නිසාවෙන් අද වන විට බොහෝ දෙනා ශාක මත පදනම් වූ ප්‍රෝටීන ප්‍රභවයන්ට යොමු වීමට වැඩි උනන්දුවන් දක්වන බව පෙනී යයි. මෙම ශාක මත පදනම් වූ ප්‍රෝටීන පරිසරයට සිදු කරන හානිය අවම වීමත්, දැරිය හැකි අඩු මුදලකට මිලදී ගත හැකි වීමත් මෙම ප්‍රෝටීන වර්ග ජනප්‍රිය තිරසාර විකල්පයක් බවට පත්කරයි.
තවද, මෙය දේශගුණික විපර්‍යාසයන්ගේ බලපෑම අවම කිරීමෙන් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වයන් ඉහළ දැමීමත් සත්ත්ව සුබසාධන කටයුතු සඳහාද මනා පිටුවහලක් වේ. ශ්‍රී ලංකාවේ දැනටමත් පවතින සාම්ප්‍රදායික ශාක මත පදනම් වූ ආහාර රටාවන් පරිසර හිතකාමී සහ තිරසාර අයුරින් පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මනා පිටුවහලකි.